2060දී ඕස්ට්‍රේලියාවේ Aged Care & Nursing රැකියාවලට දැවැන්ත ඉල්ලුමක්!

ඕස්ට්‍රේලියාවේ ඉදිරි වසර 40 ක ආර්ථික සහ ජනගහන වර්ධනය පුරෝකථනය කරමින් Albanese රජය විසින් නිකුත් කරන ලද අලුත්ම Intergenerational Report (IGR) වාර්තාවට අනුව, 2060 දශකය වන විට එරට උපදින ළමුන් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යන බව හෙළි වී තිබෙනවා.

Treasurer Jim Chalmers විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, රටේ ජනගහන ව්‍යුහය මීට පෙර අනුමාන කළාට වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, එය ඉදිරි දශක කිහිපය තුළ සෞඛ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්

උපත් අනුපාතය පහතට: කාන්තාවකගේ සාපේක්ෂ උපත් අනුපාතය (Birthrate) ළමුන් 1.34 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා..

වැඩිහිටි ජනගහනය තෙගුණ වෙයි: 2065-66 වන විට වයස අවුරුදු 85 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව තෙගුණයක් වෙනවා.

මැදි වයස (Median Age) ඉහළට: ඕස්ට්‍රේලියානුවන්ගේ මධ්‍යස්ථ වයස දැනට පවතින අවුරුදු 38.6 සිට අවුරුදු 45.0 දක්වා ඉහළ යනවා.

ළමා ජනගහන වර්ධනය මන්දගාමීයි: වයස අවුරුදු 20 ට අඩු පිරිසගේ වර්ධනය 2025-26 සිට 2062-63 දක්වා කාලය තුළ 10.4% ක් පමණක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට වන බලපෑම

ජනගහනය වයස්ගත වීමත් සමඟ සෞඛ්‍ය සහ සමාජ පෝෂණ සේවාවන්හි (Care Economy) රැකියා ප්‍රමාණය ඉදිරි දශකය තුළ 23% කින් ඉහළ යනු ඇත. ඉදිරි වසර 40 ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අලුතින් කෙරෙන වියදම්වලින් 1/3 ක්ම වැය වන්නේ වයස්ගත වන ජනගහනයට සත්කාර කිරීම සඳහා බව Treasurer පෙන්වා දෙනවා..

කෙසේ වෙතත්, ජනතාව වැඩි කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම රටේ සෞඛ්‍ය පද්ධතියේ සාර්ථකත්වයක් ලෙස පෙන්වා දෙන Chalmers මහතා, රටේ ශ්‍රම බලකායට අවශ්‍ය කුසලතා ලබාගැනීමට සහ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සංක්‍රමණිකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද අවධාරණය කළා.

2066 වන විට ඕස්ට්‍රේලියානු ආර්ථිකය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් වනු ඇති අතර, එය Cleaner energy සහ AI revolution වැනි නවීන තාක්ෂණයන්ගෙන් බලගැන්වෙන Services economy එකක් බවට පත්වනු ඇතැයි වාර්තාව වැඩිදුරටත් පුරෝකථනය කරනවා.

ඕස්ට්‍රේලියාවේ වයස්ගත වන ජනගහනය නිසා ඉදිරි දශකවලදී Aged Care, Healthcare සහ Nursing ක්ෂේත්‍රවල දැවැන්ත රැකියා නියුක්තියක් සහ ඉල්ලුමක් නිර්මාණය වෙතැයි අපේක්ෂා කරනවා.

Don't forget to share this post!

Recent Posts