ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Passport එක අලුත් කරගන්න අවශ්‍ය Documents List එක මෙන්න!

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ශ්‍රී ලංකා passport එකට අදාළ සේවාවන් ලබාගන්න හැටි අපි කලින් artcles වලින් කතා කළා. එකේදී අපි කිව්වා මේ සේවාවන් ලබාගන්න පුළුවන් කාටද, apply කරන්නේ කොහොමද කියන දේවල් කිව්වා.. අද බලමු ඒ සඳහා අවශ්‍ය supporting documents මොනවද කියලා. මේකෙදි අපි කියන්නේ ඔයාට දල අදහසක් ගන්න අවශ්‍ය දේවල්. සම්පූර්ණ documents list එක බලාගන්න පහත දීලා තියෙන links වලින් රජයේ වෙබ් අඩවි වලට පිවිසෙන්න.

 

ඔයා ඕස්ට්‍රේලියාවේ සිට අලුත් ශ්‍රී ලංකා Passport එකක් සඳහා අයදුම් කරනවා නම්, පහත සඳහන් ලියකියවිලිවල Originals සහ A4 ප්‍රමාණයේ Photocopies කට්ටලයක් ඉදිරිපත් කරන්න ඕනේ.

 

ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලියකියවිලි

පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 ක් (3.5cm x 4.5cm):

පසුගිය මාස 3 ඇතුළත ගන්නා ලද, සුදු හෝ නිල් පැහැති Background එකක් සහිත පැහැදිලි ඡායාරූප විය යුතුයි.

තොප්පි, කණ්ණාඩි පැළඳ නොසිටිය යුතු අතර දෙකන් සහ නළල පැහැදිලිව පෙනිය යුතුයි.

 

තැපෑලෙන් යොමු කරනවා නම්, අයදුම්පත්‍රයේ 2 වන පිටුවේ අලවන ඡායාරූපය ඕස්ට්‍රේලියානු පිළිගත් නිලධාරියෙකු (Lawyer, Doctor, Justice of Peace, Police Officer, or Pharmacist) ලවා සහතික කළ යුතුයි.

 

උප්පැන්න සහතිකය (Original Birth Certificate):

ලියාපදිංචි ජනරාල් දෙපාර්තමේන්තුවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෑතකදී ලබාගත් (මාස 6 කට පෙර ලබාගත් ඒවා වඩාත් සුදුසුයි) පැහැදිලි මුල් පිටපතක් විය යුතුයි. (පරිවර්තන භාරගනු නොලැබේ).

 

වර්තමාන විදේශගමන් බලපත්‍රය (Current Passport):

Passport එකේ මුල් පිටපත සමඟ එහි Bio-data page එක සහ Observation page එකේ පිටපත්.

 

ජාතික හැඳුනුම්පත (National Identity Card – NIC):

වත්මන් පාස්පෝට් එකේ NIC අංකය සඳහන් වී නොමැති නම් හෝ අලුතින් NIC ලබාගෙන ඇත්නම් පමණක් ඉදිරිපත් කරන්න.

වයස අවුරුදු 16 ට වැඩි, NIC ලබාගෙන නැති අය සඳහා, ශ්‍රී ලංකාවට පැමිණි පසු අලුතින් NIC එකක් ලබාගන්නා බවට ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කළ යුතුයි.

 

විවාහ සහතිකය (Original Marriage Certificate):

විවාහයෙන් පසු නම වෙනස් කර ඇත්නම් පමණක් ඉදිරිපත් කරන්න. වත්මන් පාස්පෝට් එකේ දැනටමත් විවාහයෙන් පසු නම සඳහන් නම් මෙය අවශ්‍ය වෙන්නේ නැහැ..

 

වීසා තත්ත්වය තහවුරු කිරීම (VEVO):

ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගත හැකි Visa Entitlement Verification Online (VEVO) වාර්තාව. (අයදුම්පත භාරදෙන දිනට මාසයකට වඩා පැරණි නොවිය යුතුයි.).

 

රැකියාව/වෘත්තිය සඳහන් කරන්නේ නම් (Documents to prove Profession):

අයදුම්පතේ 12 වන කොටසේ වෘත්තිය සඳහන් කරන්නේ නම් පමණක් ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. (වෘත්තිය තහවුරු කිරීමට නොහැකි නම් එම තීරුව හිස්ව තබන්න).

ශිෂ්‍ය (Student): Certificate of Enrolment (COE) හෝ සහතික කළ Student ID පිටපතක්/පාසලෙන් ලබාගත් ලිපියක්.

වෛද්‍ය (Doctor): උපාධි සහතිකය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි සහතිකය.

වෙනත් වෘත්තිකයින් (Engineer/Accountant/IT/Lawyer): සහතික කළ උපාධි සහතිකය සහ මාස 6 කට වඩා පැරණි නොවන Service letter එක.

 

ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබූ අය සඳහා ශ්‍රී ලංකා පුරවැසි සහතිකය (Citizenship Certificate)

ද්විත්ව පුරවැසි සහතිකය (Dual Citizenship Certificate) සහ විදේශීය පාස්පෝට් එක: ඔබ ද්විත්ව පුරවැසියෙකු නම් අදාළ සහතිකය සහ විදේශීය පාස්පෝට් එක ඉදිරිපත් කරන්න ඕනේ. (විදේශීය පාස්පෝට් එකක් තවම නැත්නම් ඒ බව තහවුරු කරමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ලිපියක් දිය යුතුයි).

 

අයදුම්පත භාරදීමට පෙර සියලුම ලියකියවිලි අදාළ Checklist එකට අනුව “√” ලකුණු කර අයදුම්පතට අමුණා භාරදීමට මතක තබාගන්න.

 

වඩාත් නිවැරදි සහ යාවත්කාලීන කරන ලද documents list එක බලාගන්න ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න.

Victoria, South Australia, Tasmania සිටින යට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට සහ වැඩිදුර විස්තර දැනගන්න, මෙල්බර්න්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න

මෙහි ඔබට,

  • Supporting documents for a New Passport
  • Supporting documents for a New Passport for Minor Applicant (under age 16)
  • Supporting documents for a New Passport in lieu of a lost Passport
  • Supporting documents for Amendments
  • Supporting documents for a Non- Machine Readable Passport (NMRP)
  • Supporting documents for Temporary Travel Document (TTD) සම්පූර්ණ list එක බලාගන්න පුළුවන්.

👉 https://www.cg-melbourne.gov.lk/en/supporting-documents-for-passport-services 

 

කැන්බරා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ACT, NSW, QLD, WA, NT සහ Papua New Guinea, Fiji, Vanuatu, Solomon Islands, Samoa සිටින අය සඳහා අවශ්‍ය සේවාවන් සහ වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

👉 https://www.slhcaust.org/application-for-a-new-sri-lankan-passport/  

 

Image credit: aviationvoice.lk 

Don't forget to share this post!

Recent Posts