“Silicon Valley නීති ඕස්ට්‍රේලියාවට දාන්න බෑ” iPhone 18 launch එක අස්සේ Apple එකට නඩුවක්!

නව iPhone 18 එක ඕස්ට්‍රේලියාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට ආසන්නව තිබියදී, සේවකයින්ගේ Roster පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ වෙනස් කළ බවට චෝදනා කරමින් Apple සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ($1m) වන්දි නඩුවක් ගොනු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම retail union එකක් වන Shop, Distributive and Allied Employees Association (SDA) විසින් South Australian Employment Tribunal එක හමුවේ මෙම නඩුව පවරා ඇත්තේ Adelaide හි Rundle Place branch එක මූලික කරගනිමින්.

 

වෘත්තීය සමිතිය එල්ල කරන ප්‍රධාන චෝදනා

පූර්ව දැනුම්දීමකින් තොරව roster වෙනස් කිරීම: සැප්තැම්බර් 18 වන දින පැවැත්වූ iPhone 18 එළිදැක්වීමේ උත්සවයට අදාළව, සේවක එකඟතාවයකින් තොරව සේවා කාලයන් වෙනස් කිරීමට පියවර ගැනීම.

enterprise agreement කඩකිරීම: Enterprise Agreement එකේ සඳහන් සේවක අයිතිවාසිකම් සහ සේවා කොන්දේසි පූර්ව එකඟතාවයකින් තොරව උල්ලංඝනය කිරීම.

නැවත නැවත සිදුවීම: මෙවර පමණක් නොව, 2025 වසරේ පැවැති අලුත් නිෂ්පාදන එළිදැක්වීමේදී ද ඇපල් සමාගම මෙලෙසම සේවක roster අත්තනෝමතික ලෙස වෙනස් කළ බවට සමිතිය චෝදනා කරනවා.

“Silicon Valley වල ගන්න තීරණ නිසා ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ පෞද්ගලික ජීවිත, ළමා සුරැකුම්, අධ්‍යාපන සහ පවුලේ වගකීම් අවුල් කිරීමට ඇපල් සමාගමට අයිතියක් නැහැ.” යනුවෙන් SDA South Australiaහි සහකාර ලේකම් Jordan Mumford පවසනවා.

 

Apple සමාගමේ ප්‍රතිචාරය

කෙසේ වෙතත්, ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

roster වෙනස්කම් කිරීමට පෙර සියලුම සේවකයින් සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ පැරණි කාලසටහනට අනුව වැඩ කිරීමට අවශ්‍ය අයට ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවත් ඇපල් සමාගම පවසනවා. සේවකයින්ගේ එකඟතාවයකින් තොරව කිසිදු සේවා කාලසටහනක් වෙනස් කර නොමැති බව අධිකරණය හමුවේ තර්ක කිරීමට ඇපල් සමාගම සූදානම්.

 

ඕස්ට්‍රේලියානු Fair Work Act එකට අනුව, සේවකයෙකුගේ Roster එක වෙනස් කිරීමට පෙර සාධාරණ පූර්ව දැනුම්දීමක් සහ සේවක සාකච්ඡාවක් පැවැත්වීම අනිවාර්යයි.

Image credit: 9to5mac.com 

Don't forget to share this post!

Recent Posts