ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට තමන්ගේ විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කරගන්න අලුත්ම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 2026 ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන Victorian Midday Power Saver වැඩසටහන හරහා සුදුසුකම් ලබන නිවසකට දිනපතා පෙ.ව. 11:00 සිට ප.ව. 2:00 දක්වා පැය 3 ක කාලයක් නොමිලේ විදුලිය ලබාගත හැකියි.
මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
දවල් කාලයේදී solar generation එක උපරිම මට්ටමක පවතින නිසා, එම අතිරික්ත බලශක්තියෙන් ප්‍රයෝජන ගන්නත්, සවස කාලයේ තියෙන අධික විදුලි ඉල්ලුම අඩු කරන්නත් වික්ටෝරියානු රජය මේ වැඩසටහන සකස් කරලා තියෙනවා.
මේ පැය 3 ඇතුළත භාවිත කරන විදුලිය සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ.
රජයේ ගණන් බැලීම්වලට අනුව නිවසකට වසරකට $149 සිට $428 දක්වා මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. Electric Vehicle (EV) භාවිත කරන කෙනෙක්ට මේ කාලයේදී චාජ් කිරීමෙන් තවත් ඩොලර් 100 ගණනක් ඉතිරි කරගන්න පුළුවන්.
සුදුසුකම් ලබන්නේ කවුද?
- වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි Smart Meter තියෙන නිවාස.
- Eligible Electricity Retailer පාරිභෝගිකයන්.
- ව්‍යාපාර/වාණිජ ආයතන සඳහා මෙය අදාළ වන්නේ නැහැ
මතක තබාගත යුතු වැදගත් කරුණු
නොමිලේ ලැබෙන පැය 3 හැර දවසේ අන් වේලාවන්හිදී විදුලි ගාස්තු (Rates) තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමයෙන් උපරිම වාසි ගන්න නම් ඔබේ වැඩි විදුලියක් වැයවන වැඩ දවල් කාලයට මාරු කළ යුතුයි.
දැනටමත් Solar තියෙන නිවාසවලට දවල්ට තමන්ගේම විදුලිය නිපදවෙන නිසා මෙයින් ලැබෙන අමතර වාසිය තරමක් අඩු වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, Home Battery එකක් හෝ EV එකක් චාජ් කරන්න මේක යොදාගන්න පුළුවන්.
මෙය ලබා ගන්න නම් ඔබම විදුලි සමාගම සම්බන්ධ කරගෙන Opt-in විය යුතුයි.
උපරිම වාසි ලබාගන්නා ආකාරය
පෙ.ව. 11:00 – ප.ව. 2:00 අතර කාලය තුළ පහත සඳහන් උපකරණ භාවිත කරන්න Timers යොදන්න:
- Washing machines සහ Dryers
- Dishwashers
- Water heaters (Heat pumps) සහ Pool pumps
- Electric Vehicles (EV) චාජ් කිරීම
2026 ඔක්තෝබර් 1 වනදා සිට ඔබේ විදුලි සමාගම සම්බන්ධ කරගෙන මේ Plan එකට මාරු වෙන්න කලින්, Victorian Energy Compare වෙබ් අඩවිය හරහා ඔබේ පැරණි බිල්පත් පරීක්ෂා කරලා මේක ඔබට වාසිදායකද කියලා තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.