ගෙයක් ගන්න Super සල්ලි කලින් දෙන්න! ඕස්ට්‍රේලියානු Coalition පක්‍ෂයෙන් යෝජනාවක්!

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න එක දිනෙන් දින අභියෝගයක් වෙන නිසා, පළමු නිවස මිලදී ගැනීමට තමන්ගේ Superannuation එක භාවිත කිරීමට ඉඩ දිය යුතුයි කියලා Coalition මන්ත්‍රී Andrew Bragg නැවතත් බලවත් ලෙස යෝජනා කර සිටිනවා.

විශ්‍රාම යන වයස වෙනකොටත් කුලී නිවාසවල ජීවත් වන ඕස්ට්‍රේලියානුවන් ගණන වේගයෙන් වැඩි වෙන බවත්, ඔවුන් Forever Rentersලා බවට පත්වීම වැළැක්වීමට නම් මේ නීති වෙනස් කළ යුතුයි කියලත් ඔහු පවසනවා.

 

Coalition පක්ෂය යෝජනා කරන ප්‍රධාන ක්‍රම 3

Super සල්ලි කෙලින්ම ලබාගැනීම (Cashing out): නිවාස ණයක් සඳහා Deposit එක ලෙස Superannuation අරමුදලෙන් මුදල් ඉවත් කරගැනීමට ඉඩදීම.

Mortgage Offset එකක් ලෙස භාවිත කිරීම: නිවාස ණයේ පොලිය අඩු කරගැනීම සඳහා Super සල්ලි Mortgage Offset එකක් ලෙස තැබීම.

ණය ලබාගැනීමට ඇපයක් (Collateral) ලෙස තැබීම: විශාල නිවාස ණයක් ලබාගැනීමට Super අරමුදල ඇපයක් ලෙස පෙන්වීමට ඉඩදීම.

“අපේම සල්ලිවලින් ගෙයක් ගන්න හෝ ණය පොලිය අඩු කරගන්න ඉඩ නොදී, රජයේ ප්‍රතිපත්ති නිසා ලොකු ආයතන විතරක් ගෙවල්වල අයිතිකාරයෝ වෙන රටක අපි ජීවත් වෙන්නේ ඇයි?” යනුවෙන් Andrew Bragg ප්‍රශ්න කරනවා.

 

ලේබර් රජයේ සහ විවේචකයින්ගේ අදහස

කෙසේ වෙතත්, ලේබර් පක්ෂයේ Treasurer Jim Chalmers මේ යෝජනාව දැඩි ලෙස විවේචනය කරනවා.

විශ්‍රාම අරමුදල් නිවාස සඳහා යොදවා ගැනීමෙන් ජනතාවගේ විශ්‍රාම කාලයේ ආදායම නැති වී යන බවත්, ඔවුන් අනාගතයේදී තවත් අසරණ වන බවත් ඔහු පවසනවා.

ජනතාව Super සල්ලි අරන් ගෙවල් ගන්න ගියොත් වෙළෙඳපොළේ නිවාස ඉල්ලුම වැඩි වී, ගෙවල්වල මිල ගණන් තවත් අහස උසට යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

දැනට පවතින First Home Super Saver (FHSS) scheme එක හරහා ඔබට Super එකට දාපු Voluntary Contributions විතරක් නිවසක් ගන්න ඉවත් කරගන්න පුළුවන්. මෙම Coalition යෝජනාවේ දැක්වෙන්නේ employer සාමාන්‍යයෙන් දාන Super සල්ලිත් ගන්න ඉඩ දෙන්න කියලයි. මේ ගැන ඔයා මොකද හිතන්නේ? 

Don't forget to share this post!

Recent Posts