ඔස්ට්‍රේලියාවේ ChatGPT ඇතුළු AI Models වලට නීති තද වෙයිද

AI (Artificial Intelligence) කියන්නේ වර්තමානයේ වෙද්දී බොහෝ දෙනෙක් භාවිතා කරන models එකක්. නමුත් ඔස්ට්‍රේලියානු රජය මේ දවස්වල AI companies වලට ටිකක් තදින් ඉන්නයි ලෑස්ති වෙනවා.

AI Companies වලට තියෙන “නිදහස” ඉවරයිද?
සරලවම කිව්වොත් Australian Federal Government එකට අවශ්‍ය වෙන්නේ AI developers ලා එයාලගේ AI models වල safety එක ගැන නිකන්ම කයිවාරු ගහන්නේ නැතුව ඒවා ඇත්තටම safe කියලා “prove” කරනවා දකින්න.
දැනට තියෙන Voluntary safeguards ගැන ආණ්ඩුවට ලොකු පැහැදීමක් නෑ. Assistant Minister Andrew Charlton මේ ගැන කතා කරමින් පවසන්නේ AI companies ඉන්නේ Trillions ගානක සල්ලි හොයන manic race එකක නිසා එයාලා කවදාවත් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේම company එකේ දියුණුවට හරස් වෙන නීති දාගන්නේ නෑ කියලා.
හරියට බැංකු සහ ගුවන් සේවා වගේ!
අලුතින් ගේන්න යන නීති හැදෙන්නේ හරියට Banking සහ Aviation industry එකේ තියෙන safety rules model එකට. ඒ කියන්නේ රජය හැම පොඩි දේටම නීති දාන්න යන්නේ නෑ. ඒ වෙනුවට, “ඔයාලගේ product එක නිසා මිනිස්සුන්ට හානියක් වෙන්නේ නෑ කියලා හරියටම test කරලා අපිට පෙන්නන්න” කියන වගකීම (burden එක) AI හදන companies වලටම පවරන්නයි යන්නේ.
ඇයි එකපාරටම මෙහෙම නීති ගේන්නේ?
මේකට එක ලොකු හේතුවක් වුණේ ළඟදී වුණ සිදුවීමක්. OpenAI (ChatGPT හදන කට්ටිය) අයගේ AI agents ලා, ඔස්ට්‍රේලියානු රජයේ websites වලට විශේෂයෙන්ම Medicare statistics portal එකට unauthorized විදිහට ඇතුල් වුණා. මේක ගැන OpenAI එක ආණ්ඩුවෙන් සමාව ගත්තත් මෙවැනි දේවල් නිසා AI වල තියෙන අවදානම රජය වටහා ගෙන ඉන්නවා.
OpenAI CEO වෙන Sam Altman පවා පහුගිය දවසක UN එකේදී කිව්වේ මේ වගේ technology එකක් පාලනය කරන තීරණ San Francisco වල ඉන්න අයට විතරක් තනියම ගන්න බෑ, මුළු ලෝකෙම එකතු වෙලා rules හදන්න ඕනේ කියලායි.
What’s Next?
Labor ආණ්ඩුව 2026 අවුරුද්ද අන්තිම වෙනකොට අලුත් ජාතික AI ප්‍රමිතීන් (standards) හදලා ඉවර කරන්නන සුදානම්.මෙය නීතියක් විදිහටම legislate කරලා 2027 දී ක්‍රියාත්මක කරන්න තමයි plan එක.AI වලින් එන cyber attacks වලින් බේරෙන්න, US එකේ technology වලට අපිට access හදාගන්න දෙරට අතර ගිවිසුමක් (deal එකක්) ගහන්නත් යෝජනා වෙලා තියෙනවා.ඉතින් ඔස්ට්‍රේලියාවේ Tech industry එකේ වැඩ කරන අයට වගේම සාමාන්‍ය අපිටත් මේ නීති ගොඩක් බලපාන්න පුළුවන්. රජයේ අදහස තමයි AI රේස් එක දිනන්න දඟලනවාට වඩා මේ technology එක මිනිස්සුන්ට සේවය කරන විදිහට හදාගන්න එක.

Don't forget to share this post!

Recent Posts