සාමාන්යයෙන් “Non-bank lenders” ලා (බැංකු නොවන ණය ලබා දෙන ආයතන) කියන්නේ self-employed අය සහ credit history එකේ ගැටලු තියෙන අය නිතරම භාවිතා කරන විකල්පයක්. නමුත් මේ වෙද්දී ගොඩක් Property Investors ලා සාමාන්ය බැංකු වලින් ඈත් වෙලා මේ Non-bank lenders ලා වෙත යොමු වෙමින් පවතිනවා.
මීට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ Negative gearing නීති වෙනස් වීමත් සමඟ සාමාන්ය බැංකු වලින් ලෝන් එකක් (borrowing capacity) පාස් කරගන්න තියෙන අමාරුවයි.
Non-Bank Lenders ලා බැංකු වලින් වෙනස් වෙන්නේ කොහොමද?
Non-bank කිව්ව පමණින් ඒවා නියාමනය නොවන (unregulated) ආයතන නෙවෙයි. ඔවුන්ටත් Credit Licence තියෙනවා වගේම ASIC සහ AFCA වගේ ආයතන වලට ඔවුන් වගකියන්න ඕනේ. ඒ නිසා බැංකුවක් වගේම ආරක්ෂිතයි.
නමුත් ප්රධාන වෙනස වෙන්නේ බැංකු වලට බලපාන APRA’s 3% serviceability buffer (stress test) නීතිය Non-banks වලට අදාළ වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සාමාන්ය බැංකුවකින් ලෝන් එකක් reject වුණු කෙනෙකුට, 1% ක serviceability buffer එකක් යටතේ Non-bank lender කෙනෙක්ගෙන් ලෝන් එකක් approve කරගන්න පුළුවන්.
Non-bank Lenders ලාගෙන් ලැබෙන ප්රධාන Benefits (වාසි)
Flexible Assessment: විශේෂයෙන්ම Business owners ලාට තමන්ගේ Tax returns වලට වඩා, BAS (Business Activity Statements) හෝ accountant’s declarations පාවිච්චි කරලා ලේසියෙන්ම ලෝන් එකක් ගන්න පුළුවන්.
No strict Debt-to-Income Limits: සාමාන්ය බැංකු වල වගේ දැඩි සීමාවන් (caps) නැති නිසා, දැනටමත් properties කීපයක් තියෙන කෙනෙකුට වුණත් අලුත් loan එකකට යන්න ලේසියි.
Faster Processing: Applications process වෙන වේගය ගොඩක් වැඩියි. ඒ වගේම older borrowers ලාට සහ අසාමාන්ය (unusual) properties ගන්න අයට මේක ගොඩක් වාසියි.
Trade-offs: සැලකිලිමත් විය යුතු අවාසි
මේ ක්රමයේ වාසි තිබුණත්, මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඔබ දැනගත යුතුම අවාසි කීපයක් තියෙනවා:
Higher Interest Rates: සාමාන්ය බැංකු වලට වඩා Interest rates 0.4% සිට 1.2% කින් හෝ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.
Less Features: ගොඩක් Non-bank loans වල Offset accounts නැහැ. ඒ වගේම Fixed rates දාන්න හෝ Extra repayments කරන්න Option එකක් දෙන්නේ නැති වෙන්න පුළුවන්.
No Physical Branches: ඔබට ගිහින් කතා කරන්න Physical branches නැහැ වගේම, Hidden fees සාමාන්ය බැංකු වලට වඩා වැඩි වෙන්න පුළුවන්.
ඔබත් Property investment එකකට යන්න හිතනවා නම්, බැංකුවකින් ලෝන් එක reject වුණා කියලා පසුබට වෙන්න එපා. Non-bank lenders ලා හොඳ විකල්පයක්. නමුත් ඒකේ තියෙන interest rates සහ fees ගැන හරියටම දැනුවත් වෙන්න. මේ ගැන තීරණයක් ගන්න කලින් හොඳ Mortgage Broker කෙනෙක් සම්බන්ධ කරගෙන මේක ඔබේ overall investment goals වලට ගැලපෙනවාද කියලා check කරගන්න.
