Sydney වල property market එක ගැන අලුත්ම වාර්තා වලින් ගොඩක් අයට හිතන්න දේවල් ටිකක් ගෙනත් තියෙනවා. May federal budget එකෙන් පස්සේ Sydney වල home prices (ගෙවල් වල මිල ගණන්) පහල බැහැලා තිබුණත් housing affordability එක නම් තවත් අමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් වල ගණන් අඩු වුනාට ගෙයක් ගන්න එක කලින්ටත් වඩා අමාරුයි!
ප්රධානම හේතු
Income Requirements (අවශ්ය වන ආදායම)
Typical House එකක් ගන්න: දැන් සාමාන්ය Sydney house එකක් ගන්න නම් අවුරුද්දකට $250,000 ක pre-tax income එකක් (බදු වලට පෙර ආදායම) ඕනේ. මේක ගිය අවුරුද්දට වඩා $11,000 ක වැඩි වීමක්.
Unit එකක් (Apartment) ගන්න: 20% deposit එකක් එක්ක median priced unit එකක් ගන්න වුනත් $140,000 ක විතර annual income එකක් දැන් අවශ්ය වෙනවා.
Wages (වැටුප් වර්ධනය): Average full-time wage එක දැනට $108,000 යි. පඩි වැඩිවීම් (average 3.5%) මේ අවශ්ය කරන income targets වලට match වෙන්නේ නෑ.
ඇයි මෙහෙම වෙන්නේ? (The Double Squeeze)
Property values අඩු වුනත්, ඊට වඩා වේගෙන් borrowing costs (ණය ලබා ගැනීමේ පිරිවැය) සහ interest rates (පොලී අනුපාත) ඉහල ගිහින් තියෙනවා. ඒ වගේම RBA (Reserve Bank) එකෙන් තවත් interest rate hike එකක් මේ Christmas වලට කලින් ගෙන්නත් ඉඩ තියෙනවා කියලා අනතුරු අඟවලා තියෙනවා. මේ නිසා buyers ලට ලොකු salary එකක් පෙන්නන්න වෙනවා loan එකක් qualify කරගන්න.
සමහර ප්රදේශ වල ගෙවල් ගන්න ඕනේ Income එක:
Campsie: $324,000 / year
Rockdale: $292,000 / year
Castle Hill: $417,000 / year
First-Home Buyers ලට මොකද වෙන්නේ?
Market experts ලා කියන විදියට first-home buyers ලා සාමාන්යයෙන් $200,000 ක විතර combined income එකක් (දෙන්නගෙම එකතු කරපු ආදායම) තියෙන couples. මීට වඩා ගණන් වැඩි ගෙවල් ගන්න අය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තමන්ගේ existing property එකක equity එකක් හෝ දෙමව්පියන්ගේ උදව් (bank of mum and dad).
අවුරුදු 40කට පස්සේ වේගෙන්ම house prices අඩු වෙන කාලයක් වුනත්, economy එකේ තියෙන inflation සහ tax changes නිසා සාමාන්ය කෙනෙක්ට ගෙයක් ගන්න තියෙන හැකියාව (affordability) ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා.
Source: Realestate.com.au Report
