ඔබත් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් අලුත් කරන Insurance Premium මිල ගණන් වැඩිවීම ගැන දැනුවත්ද? පහුගිය අවුරුදු කිහිපය ඇතුළත Comprehensive Car Insurance ගාස්තු ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. අපි බලමු මේකට ප්රධාන හේතු මොනවද වගේම ඔයාට පහසුවෙන් Insurance එක කරගන්නේ කොහොමද කියලා අවසන් වෙනකන් කියවන්න.
අවුරුදු 4ක් ඇතුළත ලොකු වෙනසක්!
වාර්තා වෙන පරිදි පහුගිය වසර 4 ඇතුළත Car Insurance Premiums 60% කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. උදාහරණයක් විදියට එක පාරිභෝගිකයෙකුගේ 2020 දී $566 ක් වුණු premium එක අද වෙද්දී $1,110 ක් දක්වා (96% කින්) වැඩි වෙලා තියෙනවා.
ASIC (Australian Securities and Investments Commission) ආයතනයේ රිපෝට් එකට අනුව 2019 සිට 2024 දක්වා premiums 42% කින් වැඩි වෙලා. 2025 ජූලි වෙද්දී තවත් 8% කින් වැඩි වෙලා තියෙනවා.

ප්රධානම ප්රශ්නය වෙලා තියෙන්නේ මේ තරම් ගාස්තු වැඩි වෙන්න හේතුව Insurance companies හරියට පැහැදිලි කරන්නේ නැති එකයි (73% ක්ම දෙන්නේ සාමාන්ය හේතු විතරයි).
ඇයි මේ තරම් ගණන්? (Insurance company අදහස)
Insurance Council එක කියන්නේ Claims ගෙවන්න යන වියදම් ඉතා විශාල ලෙස වැඩිවෙලා කියලයි. වාහන අමතර කොටස් (Spare parts) වල මිල සහ Labour costs ඉහළ යාම. මේ වෙද්දී Automotive අංශයේ 38,000 ක පමණ සේවක (mechanics/technicians) හිඟයක් තියෙනවා. මේ නිසා රෙපෙයාර් වලට යන කාලයත් වැඩියි. අලුත් වාහන වල තාක්ෂණය සංකීර්ණ නිසා ඒවා repair කරන්න විශේෂඥ දැනුම සහ මිල අධික උපකරණ අවශ්ය වෙනවා. මේ දේවල් නිසා සාමාන්ය Motor Claim එකක් 32% කින් (එනම් $6,266 දක්වා) වැඩි වෙලා තියෙනවා.
රජයෙන් සහ ASIC එකෙන් ගන්න පියවර
මේ ගැන අවධානය යොමු කරපු රජය, Insurance transparency (විනිවිදභාවය) වැඩි කිරීමේ ප්රතිසංස්කරණ සඳහා $2.4 million ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ASIC ආයතනය පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබා නොදෙන සහ නොමග යවන සුළු මිල ගණන් පෙන්වන (Misleading pricing practices) company වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවලා තියෙනවා.

ඔයාගේ Insurance Premium එක අඩු කරගන්න Tips 5ක්
AAMI වගේ ආයතන වලින් මේ වියදම් කළමනාකරණය කරගන්න හොඳ tips ටිකක් දීලා තියෙනවා.
Insured Value එක Check කරන්න. ඔයාගේ වාහනේ වටිනාකම අදට ගැලපෙනවද කියලා බලන්න.
Kilometers ගාණ හරියට දෙන්න. අවුරුද්දට දුවන දුර ප්රමාණය policy එකේ හරියටම update කරන්න.
Excess Amount එක ගැන හිතන්න. අනතුරක් වුණොත් ඔයා ගෙවන මුලික ගාණ (Excess) වැඩි කළොත් මාසික/වාර්ෂික premium එක අඩු කරගන්න පුළුවන්.
අනවශ්ය Drivers ලා අයින් කරන්න. වාහනේ එළවන්නේ නැති අයගේ නම් policy එකෙන් අයින් කරන්න.
Shop Around කරන්න. එකම කම්පැනියේම රැඳිලා ඉන්නේ නැතුව අලුත් කම්පැනි වල ගණන් සන්සන්දනය කරලා බලන්න.
ගිය අවුරුද්දේ විතරක් මේ company වල ලාභය $1 billion වලින් වැඩිවෙලා තියෙන්නේ පරණ පාරිභෝගිකයන් (Long-term customers) තමන්ගේ බිල වැඩි වුණත් වෙන company වලට නොයා හිටපු නිසා බව සදහන් වෙනවා. ඒ නිසා ඔයාගේ Car Insurance එක ගැන හොයලා බලන්න.