ඕස්ට්‍රේලියාවේ Halloween සමරන අයට විශේෂ අනතුරු ඇඟවීමක්: Halloween Safety Risks ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න!

Halloween කියන්නේ ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ගොඩක් විනෝදජනක අත්දැකීමක් වුණත්, මේ කාලයේදී වෙළඳපොළට එන costumes, decorations, toys සහ novelty items වල සැඟවුණු අනතුරු කිහිපයක් තියෙන්න පුළුවන්. Western Australia හි පාරිභෝගික ආරක්ෂණ අංශය (Consumer Protection) මේ ගැන දෙමාපියන්ව විශේෂයෙන් දැනුවත් කරමින් භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ safety labels සහ warnings හොඳින් පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා.

Button Batteries වල අවදානම
Flashing decorations, torches, fake candles සහ novelty සෙල්ලම් බඩු වල බහුලව අඩංගු වන button batteries මෙහිදී ප්‍රධානම අවදානමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. දරුවෙකු ප්‍රමාණයෙන් කුඩා මෙම බැටරියක් ගිල දැමුවහොත්, පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ශරීර අභ්‍යන්තර පටක දරුණු ලෙස පිළිස්සී (burn tissue) ජීවිතයට පවා තර්ජනයක් විය හැකියි. මේ නිසා අදාළ භාණ්ඩ වල battery compartment එක හොඳින් lock වී ඇත්දැයි පරීක්ෂා කිරීම අනිවාර්ය වන අතර යම් හෙයකින් දරුවෙකු බැටරියක් ගිල දැමුවහොත් වහාම Poisons Information Centre (13 11 26) වෙත දැනුම් දිය යුතුයි.

Costumes සහ Novelty Make-up
වෙළඳපොළේ ඇති සමහර අසාධිත නිෂ්පාදන වල flame-resistant (ගිනි නොගන්නා සුළු) බව තහවුරු කර නොමැති නිසා ගින්නෙන් සිදුවන අනතුරු වල අවදානමක් පවතිනවා. එමෙන්ම face paints, fake blood සහ temporary tattoos වැනි cosmetic නිෂ්පාදන වල අඩංගු ද්‍රව්‍ය (ingredients) පැහැදිලිව සඳහන් කර නොමැති නම් ඒවා භාවිතයෙන් skin irritation සහ allergic reactions ඇතිවීමට ඉඩ තිබෙනවා.

Trick-or-Treating සඳහා ආරක්ෂිත පියවර
රාත්‍රී කාලයේදී කළු හෝ තද පැහැති (dark-coloured) costumes අඳිනවා නම් වාහන පදවන්නන්ට සහ පදිකයින්ට ඔබව පැහැදිලිව පෙනීම සඳහා glow sticks හෝ reflective strips ඇඳුමට එකතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම අතේ torch එකක් ගෙන යාමටද අමතක කරන්න එපා.

Commerce Minister Dr. Tony Buti පෙන්වා දෙන පරිදි වෙළඳපොළට එන සෑම භාණ්ඩයක්ම රජයට නියාමනය කළ නොහැකි වුවත්, අනාරක්ෂිත නිෂ්පාදන හඳුනාගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් වීම තුළින් මෙම විනෝදජනක රාත්‍රිය වඩාත් ආරක්ෂිත එකක් බවට පත් කර ගත හැකියි.

 

Don't forget to share this post!

Recent Posts