දෝනිගේ නොම්බර 7 ජර්සි අංකය විශ්‍රාම ගන්වයි

  • Home
  • /
  • Sports
  • /
  • දෝනිගේ නොම්බර 7 ජර්සි අංකය විශ්‍රාම ගන්වයි

ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සහ IPL පිටියේදී භාවිත කළ නොම්බර 7 ජර්සි අංකය විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය තර තිබේ. ඒ අනුව, ඉදිරියේදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට ජර්සි අංකය ලෙස නොම්බර් 7 යළි ලැබෙන්නේ නැත. දෝනි 2020දී ජාත්‍යන්තර පිටියෙන් සමුගත් දා සිට මේ දක්වා කිසිදු ක්‍රීඩකයෙකු ජර්සි අංක 07 පැළඳගෙන ක්‍රීඩා කර නොමැති බව සදහන් වෙයි. ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් භාවිත කළ ජර්සි අංක 10 ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළේය. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025