ඒ කාලේ මන්ත්‍රීවරු

  • Home
  • /
  • Blog
  • /
  • ඒ කාලේ මන්ත්‍රීවරු

ඔහුට පාර්ලිමේන්තු බත් අල්ලන්නේ නැත. එනිසා හෙතෙම දහවල් වනවිට ගාලු මුවදොර පිටියේ සිට පැගෝඩාවට පාදයාත්‍රාවෙන් ම ගමන් කරයි. රෙදි බැනියම් අඳින ආරියසිංහල ඇඳුමින් සැරසී දකින කා සමඟත් සිනාසෙන මේ තරුණ මන්ත්‍රිවරයා සෙසු ඉංගිරිසි පන්නයේ ඇත්තන් හැඳි ගෑරුප්පු වලින් කද්දී තම ඇඟිලි තුඩින් කෑම අනාගෙන කයි. එහි සිටි වේටරලා ද ඉංගිරිසි පන්නයේ ම අයයි.මට අත දොවන බඳුනක් ගෙනෙන්නැයි ඔහු වේටර්වරයාට සිංහලයෙන් කීය. වේටරවරයා අන්දුන් කුන්දුන්ව ගිය සැටියක් දැනිණ. ඔහුට සිංහල දිරවන්නේ නැති බවක් පෙනිණ. ඉංගිරිසි මැට්රික්‍යුලේෂන් විභාගය පවා සමත් සිංහල ඇඳුමින් සැරසුණු මන්ත්‍රීවරයා ඊළඟට ෆින්ගර් බෝල්’ නම වහරා එය ගෙනෙන්නැයි කීය. වේටර්වරයා අතින් අනා බත් කන්නන් ලෙස බලන්නේ ගොඩයන් ලෙස බව මන්ත්‍රීවරයාට තේරිණි.ඔහු අත සෝදන බඳුනක් ගෙනැවිත් බතින් පසුව අතුරුපසට ගෙනා පෘට් සැලඩ්’ කෝප්පයේ හැන්ද ගෙන ගියේය.

ඕක තියන්න” මන්ත්‍රී එලෙස කීවත් වේටරවරයා පෙරළා කීයේ “මහත්තයා කන්නෙ අතින්නෙ. පෘට් සැලඩ් ටිකත් අතින්ම කන්න” යන්නය. මන්ත්‍රීට තරු පෙනුණේ එවිට ය. ඔහු ද කතාවට දක්ෂයෙකි.

ඔව්. මං අතින් තමයි කන්නෙ. පෘට් සැලඩ් කන්නෙත් එහෙමයි. මේක විම්පූර්ණව එවන්නෙ නැතිව කෙහෙල් ගෙඩි දෙකයි අනෙක් ඒවායි වෙන වෙනම ගෙනෙනවා” ඔහු අණ කළේය. වේටරවරයා උඩුකුරිඤ්ඤංව ගියේ එවිටය.මේ හබය දුර දිග යනු දුටු කළමනාකරු ඉදිරියට විත් වේටරට බැණ මන්ත්‍රීගෙන් සමාව ඉල්ලා පෘට් සැලඩ් කන්නට හැන්දක් ගෙනැවිත් දුන්නේය. තවත් දිනයක් උදා විය. මන්ත්‍රී එදා ගෙදර යන්නට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට එළියට ආවේ රාත්‍රී 10.30
පමණය. ඒ කාලයේ මන්ත්‍රීනට බෙන්ස්, පැජරෝ, මොන්ටෝරෝ අධි සුඛෝපභෝගි වාහන තිබුණේ නැත. ඔවුන් ගමන් ගියේ ලංගමයේ හෝ දුම්රියේ වාර ප්‍රවේශපත් වලිනි.අපේ කථානායක මන්ත්‍රීවරයාට තම ගම මතුගමට යාමට සිදුව තිබිණි. හෙතෙම බේරේ වැව ඉස්මත්තේ තිබූ නැවතුමේ කුඩ කබලක් ද රැගෙන ආරිය සිංහල ඇඳුමින් සැරසී සිටියේය.ගාල්ල බලා වාත වේගයෙන් දුවන බස් රථයකට හෙතෙම අත පෑවේය. බසය නැවැතිණි. සෙනඟ අතරින් කවුළුවකින් එබුණු කොන්දොස්තර තැන “නඟිනවා, ඉක්මනට” යැයි රළු හඬින් කීවේය. බසය ඇද්දිණ.

කොහෙටද”
කළුතරට”
, ගන්නවා. ගන්නවා සල්ලි”
මං පාස් එකක්”
කොන්දොස්තරට යකා නැංගේ ය. තමාගේ දෙනෙතට ලක් වූ ප්‍රවේශ පත්‍රයේ ඉංගිරිසි අකුරු ඔහුට කියවන්නට බැරි ය. ඔහු කීප විටක් ම සීනුව නාද කෙළේ ය. බසය නැවතිණ.
බහිනවා, බහිනවා මේවායෙ පාස් නෑ”

මන්ත්‍රීවරයා ද ඇරියේ නැත. “මේවා අපේ වරප්‍රසාද මාව
ගෙනි යනවා කළුතරට ” ඔහු වාද කළේය.
හබය දුර දිග යද්දී ඉදිරිපස සිටි මහත්මයෙක් කොන්දොස්තරට කතා කර රහසින් යමක් කීවේය. ඔහු බයාදු ස්වරූපයෙන් අපේ කථානායකයා වෙත පැමිණ

” අනේ සර්, මං දන්නෙ නෑ මන්ත්‍රී කෙනෙක් කියලා ” පහත් හඬින් කීවේය.
තමුසේ දැන් කතා කරන්නේ මන්ත්‍රීට. ඉසෙල්ලා කතා කළේ මගේ ඇඳුමට. මීට පස්සෙ ඇඳුම දිහා බලලා
මිනිසුන්ට කතා කරන්න එපා ” මන්ත්‍රී ඔහුට දෙසුමක් කෙළේය.
බසය කළුතරට ළඟා වන තුරු ඊළඟට බසයේ තිබුණේ දැඩි නිශ්ශබ්දතාවකි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ටී පැස්කුවෙල් මහතා ගැන ලියු ලිපියක කොටසකි.උපාලි සමරසිංහ මහතාගේ විශේෂාංගාලංකාරය කෘතියෙන් උපුටා ගන්නා ලදී. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025