Seine ගංගාව පිහිනීමට නුසුදුසු යැයි සැලකීම නිසා ඔලිම්පික් පිහිනුම් තරග කල් යයි

  • Home
  • /
  • Sports
  • /
  • Seine ගංගාව පිහිනීමට නුසුදුසු යැයි සැලකීම නිසා ඔලිම්පික් පිහිනුම් තරග කල් යයි

2024 පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විශාල අපහසුතාවයකට ලක් කරමින් ඩොලර් බිලියන 2.4 ක මුදලක් පිරිසිදු කිරීම් වෙනුවෙන් වෙන් කර තිබුනත් සයින් ගඟේ ඉහළ ජල දූෂණය නිසා තුන්කොන් තරඟය කල් දමා ඇත.

අඟහරුවාදා (30) ප්‍රාදේශීය වේලාවෙන් පෙ.ව. 4.15 ට පමණ මෙම තීරණය ගනු ලැබුවේ,පෙරවරු 8ට (ප.ව. 4. AEST) නියමිත ආරම්භක වේලාවට වඩා පැය හතරකටත් අඩු කාලයකට පෙරය.

උදෑසන වන විට ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වනු ඇතැයි සංවිධායකයින් විශ්වාස කළ නමුත් විද්‍යාත්මක විශ්ලේෂණයන් දැඩි බැක්ටීරියා නිසා ජලයේ ඇති අනාරක්ෂිත මට්ටම තහවුරු වූ බවට නිල ප්‍රකාශයක් නිකුත් කලේය.

ජූලි (30) දින අලුයම 3.30 ට පැරිස් 2024 ඔලිම්පික් සංවිධායක මණ්ඩලය සහභාගී වූ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ රැස්වීමෙන් අනතුරුව තරගය කල් දැමීමට තීරණය කර ඇත.

පිරිමි තුන් ඉසව්වට සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එය කල් දැමීම පිළිබඳ සියලු තොරතුරු මෙන්ම නවතම සහ යාවත්කාලීන දැනුම්දීම් කිරීම ඔවුන් ලබාදෙන බවත් තුන්කොන් තරගය දිනකින් ප්‍රමාද වී ඇති බවත් නිල වශයෙන් ප්‍රකාශ කලේය.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

ChatGPT Image Jul 1, 2025, 10_48_49 AM
July 1, 2025