ඕස්ට්‍රේලියාව තුළ දක්නට ලැබෙන ඉතාමත් සිත් ඇදගන්නා සුළු ස්ථානයක් ලෙස මෙම මින් මැදුර හැදින්විය හැකිය.මෙම මින් මැදුර නරඹන්නන් හට සාගරයේ ස්වභාවය ඉතාමත් හොදින් දැනෙන ආකාරයට මින් මැදුර සකස් කර ඇති නිසා නරඹන්නන් හට සාගරය තුළ ජීවත්වන්නාක් මෙන් හැගීමක් ලබා දීමට සමත් වේ. මුහුදු ජීවීන්,පැළෑටි අතින් ඇල්ලීමට අවස්ථාව ද නරඹන්නන් හට ලබා දී ඇත.මුහුදේ දී දක්නට ලැබෙන මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් SEA LIFE Melbourne Aquarium තුළ දක්නට ලැබේ.
මෙම ආකර්ෂණීය ස්ථානය තුළ බොහෝ සිත් ඇදගන්නා සුළු සාගර ජීවීන් අතර ජෙලිෆිෂ්, මෝරුන් සහ පෙන්ගුවින් ඇතුළත් වේ. මුහුදු අශ්වයන් සහ පිංජාරා කිඹුලන් ද ඇත. මින් මැදුර ඇතුළත bioluminescent වෙරළක් ද නිමවා ඇත.එය මතුපිට ඇවිදින විට සහ එම මතුපිට දිගේ පෙරලෙන විට එහි ඇති light දැල්වේ.
නිශ්ශබ්දව මෙම මින් මැදුර නැරඹීමට කැමති පුද්ගලයින් සදහා සතියේ දිනවල,පාසල් නිවාඩු දිනවල සවස 2 න් පසු අවස්ථාව ලැබේ.මින් මැදුරට ඇතුළු වූ පසු පිටත ශබ්දය නොඇසෙන හෙඩ්ෆෝන් තිබේ.
නිශ්ශබ්දව මෙම මින් මැදුර නැරඹීමට කැමති පුද්ගලයින් සදහා සතියේ දිනවල,පාසල් නිවාඩු දිනවල සවස 2 න් පසු අවස්ථාව ලැබේ.මින් මැදුරට ඇතුළු වූ පසු පිටත ශබ්දය නොඇසෙන හෙඩ්ෆෝන් ද මෙම මින් මැදුර ඇතුළත දී භාවිතා කළ හැකිය.sea life මින් මැදුරේ වෙබ් සයිට් එක හරහා ඔබට මේ පිළිබද වැඩි විස්තර හා මින් මැදුරේ සේවකයින්ගේ සහාය ලබාගත හැකිය.