කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට එක සේ නැරඹිය හැකි මෙල්බර්න් කෞතුකාගාරය

  • Home
  • /
  • Entertainment
  • /
  • කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට එක සේ නැරඹිය හැකි මෙල්බර්න් කෞතුකාගාරය

ඉතිහාසයේ සහ සංස්කෘතියේ සිට විද්‍යාව සහ සොබාදහම දක්වා, මෙල්බර්න් කෞතුකාගාරය විසින් වැඩිහිටියන්ට සහ ළමයින්ට ජීවිතයේ විවිධ පැති ගවේෂණය කිරීමට අත්දැකීම් රාශියක් ලබා දෙයි.

අතීතයේ පරිසර පද්ධතියට ඔබව රැගෙන යන ජීවමාන ගැලරියක් වන Gandel Gondwana උද්‍යානයේ ක්‍රිටේසියස් භූ දර්ශනය ගවේෂණය කිරීම,ඉන්පසු ගුවන් අගුල් හරහා නැවත කෞතුකාගාරයට ගොස් වසර මිලියන 67ක් පමණ පැරණි ඩයිනසෝ‍ර්ලා ද දැකගැනීමට හැකියාව ලැබේ.

ගැලරි ගණනාවකින් නරඹන්නන්ට වික්ටෝරියා හි ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන ඉගෙන ගත හැකිය.සජීවී වැසි වනාන්තරයක් හරහා ඇවිදින්න, සුප්‍රසිද්ධ රේස් අශ්වයෙකු වන ෆා ලැප් පිළිබඳ කතාව සොයා ගැනීමට සහ තවත් බොහෝ දේ මෙහිදී අධ්‍යනය කිරීමට හැකිවේ.කුඩා දරුවන්ගේ සිට අවුරුදු 5 දක්වා ළදරුවන්ට ගවේෂණය කිරීමට, ක්‍රීඩා කිරීමට සහ ඉගෙනීමට ළමා ගැලරිය ද මෙහි ඇත.

Bunjilaka ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානය වික්ටෝරියා ආදිවාසීන්ගේ ඉතිහාසය, සංස්කෘතිය, ජයග්‍රහණ සහ පැවැත්ම සමරයි. වනාන්තර ගැලරිය තුළ, Biik Milboo Dhumba යනු රට යන්නෙහි අර්ථය තේරුම් ගැනීමට ඩිජිටල් අත්දැකීමකි.

Good Friday සහ නත්තල් දිනය හැර දිනපතා විවෘත වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025