හැරී කුමරුට ලබාදුන් මව් රැජිනගේ ඩොලර් මිලියන 8.5 ක මුදල නිසා විලියම් කුමරු සහ කැතරින් කුමරිය අමනාපයෙන්

  • Home
  • /
  • Blog
  • /
  • හැරී කුමරුට ලබාදුන් මව් රැජිනගේ ඩොලර් මිලියන 8.5 ක මුදල නිසා විලියම් කුමරු සහ කැතරින් කුමරිය අමනාපයෙන්

හැරී කුමරුට මව් රැජිනගෙන් ලැබුණු ඩොලර් මිලියන 8.5ක උරුමය ගැන විලියම් කුමරු සහ කැතරින් කුමරිය කලබල වෙති.

මව් රැජිනගේ පවුම් මිලියන 70 ක භාරකාර අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 8.5 ක උරුමයක් හැරී කුමරු වෙත ලැබෙන නිසා ඒ පිළිබද විලියම් කුමරු සහ කැතරින් කුමරිය විසින් හැරී කුමරුව විවේචනයට ලක්කර ඇත.

හැරී කුමරු සැප්තැම්බර් 15 වැනිදාට ලබන ඔහුගේ 40 වැනි උපන්දිනය ළං වන විට, අරමුදලෙන් 10%ක් ඔහුට උරුම වීමට නියමිත අතර,ඒ පිළිබදව වේල්ස් කුමරු සහ කුමරිය අතර කලකිරීමක් ඇති කළේය. හැරී සහ මේගන් රාජකීය රාජකාරිවලින් ඉවත් වී කැලිෆෝනියාවට යාමෙන් පසු ඔවුන් අතර ඇති වූ දුරස් වීම සැලකිල්ලට ගෙන හැරී කුමරුට මෙම සැලකිය යුතු මුදල ලැබීමට සුදුසු නැති බව විලියම් කුමරුගේ සහ කැතරින් කුමරියගේ අදහස වේ.

විලියම් සහ කැතරින් පවසන ආකාරයට හැරී කුමරු රාජාණ්ඩුවට දායක නොවී නමුත් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබන නිසා ඔවුන්ව පිළිකුල් වී ඇති බව පවසන බවට වාර්තා වේ.ඔවුන්ගේ අමනාපය සදහා ප්‍රධාන හේතුවක් වන්නේ රාජකීය පවුල පිළිබඳ හැරී සහ මේගන්ගේ ප්‍රසිද්ධ විවේචනයි.රාජකීය විශේෂඥ ජෙනී බොන්ඩ් පෙන්වා දුන්නේ උරුමය සැලකිය යුතු ප්‍රමාණයක් වුවත්, හැරීගේ අනෙකුත් ඉපැයීම් හා සසඳන විට එය සාපේක්ෂව සාමාන්‍ය බවයි.වත්මන් රාජකීය කටයුතු පිළිබඳ මව් රැජින කලකිරීමට පත් වනු ඇතැයි බොන්ඩ් තවදුරටත් පැවසුවේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025