ඕස්ට්‍රේලියාවේ පානීය ජලයෙන් පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක් සොයාගැනේ.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ පානීය ජලයෙන් පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක් සොයාගැනේ.

සිඩ්නි පානීය ජලයේ දිගු කල් පවතින රසායනික ද්‍රව්‍ය හමුවෙයි.

පිළිකා ඇති කළ හැකි,දිගු කල් පවතින රසායනික ද්‍රව්‍ය සිඩ්නි හි පානීය ජල සැපයුම්වලින් ජලයේ ඇති ප්‍රමිතීන් ඉක්මවන මට්ටම්වලින් සොයාගෙන ඇත. 

නගරයේ ප්‍රධාන ජලාශය වන Warragamba වේල්ල ඇතුළුව පිරිපහදු කළ ජල නියැදි තුළින් ද PFAS ලෙස හඳුන්වන කෘතිම රසායනික සංයෝග ලෙස හඳුනාගත් අවස්ථා හයක් අනාවරණය විය.එවැනි රසායනික ද්‍රව්‍ය නොඇලෙන භාජනවල සිට ඇඳුම් පැළඳුම්, කෘමිනාශක සහ ආහාර ඇසුරුම් දක්වා එදිනෙදා භාවිත කරන උපකරණවල ද දක්නට ලැබේ.නමුත් පරිසරයට ගිය පසු තවදුරටත් පිරිහීමට ලක් නොවන අතර, සදාකාලික රසායනික ද්‍රව්‍යයක් බවට පත්වේ. 

Sydney හි පානීය ජලයෙන් සියයට 80ක් සපයන Warragamba හි තවත් PFAS රසායනික ද්‍රව්‍ය දෙකක් සොයා ගත් නමුත් ඒවා හඳුනා ගැනීමට නොහැකි විය.

කඳුකරයේ Katoomba සහ Blackheath හි ජල පෙරීමේ යන්ත්‍රවල සදහන් වූ ඉහළම ප්‍රතිඵලය වූයේ perfluorooctane sulfonic acid (PFOS) සහ perfluorohexane sulfonic acid (PFHxS) ලීටරයකට නැනෝ ග්‍රෑම් 30ක් පමණ වේ.නැනෝ ග්‍රෑම් එකක් යනු ග්‍රෑම් එකකින් බිලියනයකින් පංගුවක් හෙවත් සාමාන්‍ය මිනිස් සෛලයක බරයි.

සෑම ප්‍රතිඵලයක් මගින්ම ඕස්ට්‍රේලියානු පානීය ජල ප්‍රමිතීන්ට වඩා අඩු වූ නමුත් එම වාර්තා යල් පැන ගිය ඒවා ලෙස විවේචනයට ලක්ව ඇත.

Don't forget to share this post!

Recent Posts

513417400_1049724970560583_6725300666528324589_n
July 1, 2025