ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙන යන ලෝකයේ දිගම මුද්දරය

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙන යන ලෝකයේ දිගම මුද්දරය

ඇසළ පෙරහැර මූලික කරගත් ලෝකයේ දිගම මුද්දරය  ශ්‍රී ලංකාවෙන්

ලෝකයේම අවධානය දිනාගන්නා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පසුගිය දා පැවැත්වුණු 1714 වන ඇසළ මංගල්‍ය වෙනුවෙන් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. 2024.08.20 වන දින දළදා මාළිගාවේ දහවල් පෙරහැරින් පසුව මෙම මුද්දරය එළි දක්වා ඇත. දිගින් 205 ක් සහ පළලින් 30 ක් වන මෙම මුද්දරයේ විචිත්‍රවත් සංස්කෘතිකාංග,අලි ඇතුන් ඇතුළු වර්ණවත් දළදා පෙරහැර අඩංගු කර නිර්මාණය කර ඇත. මේ මුද්දරයේ වාණිජමය වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 500.00ක් වේ.මෙතෙක් ලොව දිගම මුද්දරය ලෙස පැවතියේ පිලිපීන රජය තම 125වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද 200 ක් දිග මුද්දරය වන අතර එම වාර්තා බිද දමමින් ශ්‍රී ලංකාවේ ඇසළ පෙරහැර මූලික කරගනිමින් නිකුත් වූ මුද්දරය ලෝකයේ දීර්ඝතම මුද්දරය බවට පත් වී ඇත.ශ්‍රී ලංකාවේ වටිනා සංස්කෘතිය ලෝකයට ගෙන යාම සදහා මෙවැනි නිර්මාණශීලි ක්‍රියා තුළින් හැකිවේ.

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025