පාස්කු ප්‍රහාරයේ මිලියන 100ක වන්දිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා සිරිසේන ගෙවා නිම කරයි.

  • Home
  • /
  • News
  • /
  • පාස්කු ප්‍රහාරයේ මිලියන 100ක වන්දිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා සිරිසේන ගෙවා නිම කරයි.

පාස්කු ප්‍රහාරයේ මිලියන 100ක වන්දිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා සිරිසේන ගෙවා නිම කරයි.

ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රමාණවත් තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යන දෙදෙනාට රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක මුදලක් ද පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වූ වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කලේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් ගෙවීමට නියම කරන ලද මිලියන 100ක වන්දි මුදලේ ඉතිරි මිලියන 12 ද පසුගිය 16 වැනිදා ඔහු විසින් ගෙවා නිම කර ඇත.

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025