Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රංශයේදී අත්අඩංගුවට

  • Home
  • /
  • News
  • /
  • Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රංශයේදී අත්අඩංගුවට

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය. රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම ලෙස සැලකෙයි. Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025