ඕස්ට්‍රේලියානු ලුතිනන්වරයෙකු ශ්‍රී ලංකාවේ සේවයේ යෙදවීමේ දී තම පවුලේ ඓතිහාසික උරුමයන් සොයා ගනී.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු ලුතිනන්වරයෙකු ශ්‍රී ලංකාවේ සේවයේ යෙදවීමේ දී තම පවුලේ ඓතිහාසික උරුමයන් සොයා ගනී.

ලුතිනන් ජොනතන් විල්ස් Indo-Pacific Endeavor (IPE) හි කොටසක් ලෙස ශ්‍රී ලංකාවට යෙදවීමේ දී ඔහු විසින් ගැඹුරු පුද්ගලික සම්බන්ධතා අනාවරණය කර ගත්තේය.ඔහු කුඩා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එක් වරක් පමණක් වුවද ඔහුගේ පවුලේ උරුමය ගවේෂණය කිරීමට මෙහෙයුම තුළදී ඔහුට ඉඩ ලැබී ඇත. ඔහුගේ ලොකු මාමා වන ලුතිනන් කමාන්ඩර් ඇලන් හෙන්රිකස් යනු බ්‍රිතාන්‍ය රාජකීය ලංකා නාවික හමුදාවේ සහ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සේවය කළ අයෙක් බව විල්ස් විසින් සොයා ගන්නා ලදී.මීට අමතරව ඔහුගේ සීයා වන ඇන්ස්ඩේල් හෙන්රිකස් 1938 සිඩ්නි හි පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලේ දී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම දිනාගත් අතර පසුව ශ්‍රී ලංකා පොලිස් බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා ඉහළ ගියේය. ලුතිනන් විල්ස් විසින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ඓතිහාසික බැඳීම් සහ සහයෝගීතාව අවධාරණය කරමින් කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේදී IPE හි කාර්යභාරය ඉස්මතු කළේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025