බොරතෙල් මිල ඉහළට

  • Home
  • /
  • News
  • /
  • බොරතෙල් මිල ඉහළට

ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයකි එමෙන්ම එම ප්‍රදේශය තුළ සටන් විරාමයක් සඳහා එකගතාවක් පැවතියද මෙතෙක් එය ඇතිව නැත. මෙහි ඍජු බලපෑමක් විදියට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට හා අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් අද ඩොලර් 75.50 ඉක්මවා ගියේය. මැදපෙරදිග කලාපයේ තෙල් ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාවක් මේ විදියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට බලපා තිබේ. කෙසේ නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නැහැ. අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025