සිඩ්නි නගරයේ සිසුවෙකු පාසල් යමින් සිටිය දී ඔහුගේ විද්‍යුත් බයිසිකලය ගිනි ගනී.

  • Home
  • /
  • News
  • /
  • සිඩ්නි නගරයේ සිසුවෙකු පාසල් යමින් සිටිය දී ඔහුගේ විද්‍යුත් බයිසිකලය ගිනි ගනී.

සිඩ්නි නගරයේ සිසුවෙක් පාසලට යමින් සිටියදී ඔහුගේ විද්‍යුත් බයිසිකලය ගිනිගෙන ඇත.

සිඩ්නි නගරයේ සිසුවෙක් අද උදෑසන විද්‍යුත් බයිසිකලයකින් පාසලට යමින් සිටියදී හදිසියේම ගිනිගෙන විනාශ වී ඇත.15 හැවිරිදි ඔහු ඊයේ රාත්‍රියේ පවුලේ මිතුරෙකුගෙන් විද්‍යුත් බයිසිකලය ණයට ගෙන පාසලට යමින් සිටිය දී අද පෙරවරු 8 ට පමණ Botany පාරේ දී එය ගිනිගෙන තිබේ.

වාසනාවකට මෙන් ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ NSW (FRNSW) හි හස්මාත් විශේෂඥයෙක් ද පාර දිගේ වැඩට යමින් සිටියදී විශාල දුමක් දැක සොයාබලා තිබේ.ඔහු මුලින් සිතා ඇත්තේ එය ගොඩනැගිල්ලක ගින්නක් ලෙසයි.ඒ තරම් දුමක් එම ප්‍රදේශයේ තිබී ඇත.යතුරුපැදියේ බැටරියෙන් ගිනිදළු සමඟ ඊ-බයික් එක ගිනි ගන්නා ආකාරය තමා දුටු බවද ඔහු මාධ්‍යයට පවසා ඇත.              

විද්‍යුත් බයිසිකලයේ බැටරියේ දෝෂය ගින්නට හේතු වූ බව පවසයි. මැස්කොට් සිට ගිනි නිවන භට පිරිසක් එම ස්ථානයට පැමිණ උදව් කිරීමට සමත් වූ විය.නව යොවුන් වියේ පසු වූ තරුණයා පැවසුවේ තමා ගමන් කරමින් සිටින විට ඔහුට හදිසියේම බැටරියේ තාපයෙන් ඔහුගේ කකුල් පිළිස්සෙන බව දැණුනු බවයි.ඔහුට කිසිදු අනතුරක් සිදු වී නොමැත.

ඊ-බයික් එක අලුත්ම එකක් වන අතර එය මාස දෙකකට අඩු කාලයකට පෙර සිඩ්නි වෙළෙන්දෙකුගෙන් මිලදී ගත් එකක් බව තහවුරු වී ඇත.

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025