වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනා සමිත

  • Home
  • /
  • Sports
  • /
  • වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනා සමිත

මෙවර පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට සමත්ව තිබේ.ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි.එහිදී සමිත දුලාන් ක්‍රීඩකයා මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ පෙර ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.

මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඕස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකරනු ලැබීය.සමිත දුලාන් ක්‍රීඩකයා විසින් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025