Sydney ගුවන් තොටුපළේ දී පුද්ගලයෙකු මියයයි

  • Home
  • /
  • News
  • /
  • Sydney ගුවන් තොටුපළේ දී පුද්ගලයෙකු මියයයි

Sydney අභ්‍යන්තර ගුවන් තොටුපළේ දී පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු කෙරේ.

 

Sydney අභ්‍යන්තර ගුවන් තොටුපලේ දී 30 හැවිරිදි පුද්ගලයෙකු ඉරිදා (08) රාත්‍රියේ දී හදිසියේ ඇද වැටීමෙන් මිය ගොස් තිබේ.රාත්‍රී 11 ට පෙර හදිසි සේවා එම ස්ථානයට කැඳවා ඇති අතර හදිසි සෞඛ්‍ය අංශ විසින් CPR ලබා දී ජීවිතය රැකගැනීමට උත්සාහ කළ ද,එම පුද්ගලයා එම ස්ථානයේදී ම මියගොස් ඇති බව ප්‍රකාශ විය.ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් නිකුත් කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, ඉදිරි දිනවලදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025