ඇඩිලේඩ් ශිෂ්‍යයන් ජීවන වියදම් ඉහළ යෑම නිසා පීඩාවට පත්වෙයි

  • Home
  • /
  • News
  • /
  • ඇඩිලේඩ් ශිෂ්‍යයන් ජීවන වියදම් ඉහළ යෑම නිසා පීඩාවට පත්වෙයි

ඇඩිලේඩ් ශිෂ්‍යයෙක් විසින් ජීවන වියදම් ඉහළ යෑම නිසා ශිෂ්‍ය ප්‍රජාව පීඩාවට පත් වී ඇති බවට පවසා ඇත.

 

ඇඩිලේඩ් ශිෂ්‍යයෙක් විසින් සිය අඛණ්ඩ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ජීවිතය කළමනාකරණය කිරීමේ අභියෝගාත්මක යථාර්ථය බෙදාගෙන ඇත.2022 මුලදී විශ්ව විද්‍යාල ගමන ආරම්භ කළ පරිණත වයසේ ශිෂ්‍යයෙකු ලෙස වෘත්තීය අවස්ථා පිළිබදවද නොතකා ඔහුගේ ප්‍රියතම විෂයන් වන පාෂාණ විද්‍යාව සහ පුරාවිද්‍යාව සඳහා ඔහු කැප වී ඉගෙන ගනිමින් සිටී.මේ අතර ඔහු මුහුණ දෙන දැඩි මූල්‍ය පීඩාව හමුවේ ඔහු තම අධ්‍යයන කටයුතු අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටී.Austudy අධ්‍යාපන ආධාර යෝජනා ක්‍රමයෙන් දෙසතියකට ඩොලර් 841ක් ලබා ගන්නා අතර මෙයින් ඩොලර් 620කින් නිවාස කුලී ගෙවන බවත් ඉතිරි අරමුදල්වලින් ඉන්ධන, සිල්ලර බඩු වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ඔහු අරගලයක යෙදෙන බව පවසා ඇත.මෙම අවිනිශ්චිත මූල්‍ය තත්ත්වය නිසා ඔහු ආහාර වේල මඟහැර වෙනත් වියදම් කපා හැර ජීවිතය ගැට ගසා ගැනීමට පෙළඹී ඇත.ඉහළ යන ජීවන වියදම සපුරාලීම සඳහා සහ ඔහු වැනි සිසුන්ට මෙම දුෂ්කර කාලවලදී ජීවත්වීමට උපකාර කිරීම සඳහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බවත් ඊටවඩා වැඩි මුදලක් ඉතා ඉක්මනින් අත්‍යාවශ්‍ය බවත්  ඔහුගේ අත්දැකීම් ඔහු මගින් අවධාරණය කර ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025