19න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩිල්ෂාන් තිලකරත්නගේ දියණිය තේරී පත්වෙයි.

  • Home
  • /
  • News
  • /
  • 19න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩිල්ෂාන් තිලකරත්නගේ දියණිය තේරී පත්වෙයි.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (12) පස්වරුවේ නිවේදනය කළේය.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 16 දෙනාගේ මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව මෙම සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් 06 දෙනෙකු මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල වැනි කොළඹින් එපිට ඈත ප්‍රදේශවලින්ද ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබේ.මේ අතර තරගාවලිය ඉලක්ක කරගමින් මූලික සංචිතයට මිතාලි අයෝධ්‍යා තෝරාගෙන සිටියද, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් එරන්දි හංසමාලි කැඳවා ඇත.

සත්කාරක ඔස්ට්‍රේලියාව සමගින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය එක්දින මෙන්ම විස්සයි විස්ස ලෙසින් ද පැවැත්වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025