2024 දෙවන භාගයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක වර්ධනයක් සනිටුහන් කරයි.

  • Home
  • /
  • News
  • /
  • 2024 දෙවන භාගයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක වර්ධනයක් සනිටුහන් කරයි.

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2024 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත.

ඒ අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240 ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිලිවෙලින් 1.7%,10.9%ක් සහ 2.5% ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025