ඉන්දියාවේ නිපා වෛරසය පැතිරෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාවේ නිපා වෛරසය පැතිරෙයි.

නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.එම 24 හැවිරිදි තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්වන අතර ඔහුට පසුගිය 04 වනදා උණ ගතියක් ඇතිවී තිබුණි.ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසීය.එම තරුණයා ගේ සමීපතමයින් 151 දෙනෙක් ව නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන් ය.

මෙම මරණය මලප්පුරම් ප්‍රදේශයෙන් මෙම වසරේ වාර්තා වූ දෙවැනි නිපා මරණය වන අතර පසුගිය ජූලි මාසයේ දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්විය.ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නොමැත. නිපා වෛරසය පළතුරු වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවට හඳුනාගෙන තිබේ.

Don't forget to share this post!

Recent Posts

couple-students-standing-near-college
June 20, 2025