ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

  • Home
  • /
  • News
  • /
  • ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා පත් කරගැනීමේ ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත. අද මධ්‍යම රාත්‍රී 12න් පසුව ප්‍රචාරක කටයුතු කරනන්ට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ නියම කළ හැකි බව සඳහන් වේ. ඡන්ද විමසීම ඇරඹීමට පැය 48කට පෙරාතුව ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගත යුතු බව ආචාර ධර්ම මාලාවේ පැහැදිලිව සඳහන් වේ. මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025