සොරකම් කල මෝටර් රථයක ගින්නක් නිසා Sydney නිවාස සංකීර්ණයක අර්බුදයක් මතුවෙයි.

  • Home
  • /
  • News
  • /
  • සොරකම් කල මෝටර් රථයක ගින්නක් නිසා Sydney නිවාස සංකීර්ණයක අර්බුදයක් මතුවෙයි.

බටහිර සිඩ්නි Merrylands හි පිහිටි නිවාස සංකීර්ණයකින් අද (19) අලුයම මෝටර් රථයක ගින්නක් ඇති වීමෙන් පසු සිය ගණනක් නිවැසියන් ඉවත් කරන ලදී.Gladstone වීදියේ පිහිටි නිවාස සංකීර්ණයට යාබදව අලුයම 2:45 ට පමණ ගින්න හටගෙන ඇත.පූර්වාරක්ෂාව ලෙස 250 දෙනෙකු පමණ ඉවත් කර ඇති නමුත් එතැන් සිට නැවත නිවෙස්වලට යාමට අවසර දී ඇත.ගොඩනැගිල්ලට කිසිදු හානියක් වී නොමැත.

මෙම ගිනිගත් Toyota Rav4 වර්ගයේ මෝටර් රථය සැප්තැම්බර් 15 වන දින Moorebank වෙතින් සොරකම් කර ඇති බවත් ගින්න සැක සහිත ලෙස සලකන බවත් පොලිසිය වාර්තා කළේය.තොරතුරු දන්නා ඕනෑම අයෙකුට 1800 333 000 හෝ අන්තර්ජාලය ඔස්සේ පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025