ශ්‍රී ලංකාවට පැරණි වීසා ක්‍රමවේදය යළිත් රැගෙන එයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවට පැරණි වීසා ක්‍රමවේදය යළිත් රැගෙන එයි.

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි වීසා ක්‍රමවේදය යළිත්

පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව ඊයේ මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත.වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බව පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසීය. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව පැරණි ක්‍රමවේදයටම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව විදේශිකයන්ට ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමට හැකි බවද අමාත්‍යවරයා කීය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025