Tim Levy සමාජ මාධ්‍ය ගැටළු විසඳීම සඳහා දෙමව්පියන්ට මැදිහත්වන ලෙස ඉල්ලයි.

  • Home
  • /
  • News
  • /
  • Tim Levy සමාජ මාධ්‍ය ගැටළු විසඳීම සඳහා දෙමව්පියන්ට මැදිහත්වන ලෙස ඉල්ලයි.

Qoria හි කළමනාකාර අධ්‍යක්ෂ ටිම් ලෙවී විසින් සමාජ මාධ්‍ය ගැටළු විසඳීමේ සංකීර්ණතා පිළිබඳව අනතුරු අඟවා ඇති ඇත.ඔහු එම ප්‍රකාශය නිකුත් කරන්නේ තරඟකාරී නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ සමාජ මාධ්‍ය වේදිකා මත දෙමාපියන්ගේ පාලනය වැඩි කිරීම අරමුණු කරගත් යෝජනා ප්‍රතිසංස්කරණය කිරීමේ සාකච්ඡා මධ්‍යයේ ය.

ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ලෙවී විසින් ප්‍රකාශ කලේ දකිනවාට වඩා තත්ත්වය ඉතාමත් සංකීර්ණ බවයි.පහසු විසඳුම් සෙවීමේ අන්තරායන් ද ඔහු විසින් පෙන්වා දුන්නේය.ඩිජිටල් අවකාශය තුළ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වඩාත් කල්පනාකාරී සහ දැනුවත් ප්‍රවේශයක වැදගත්කම ඔහු විසින් තවදුරටත් අවධාරණය කළේය.

දෙමාපියන්ට උපකාර කිරීම සඳහා ලෙවී ඔවුන්ගේ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ද ලබා දුන්නේය.වයස අවුරුදු තුනේ සිට ළමයින් screen touch උපාංග සමඟ කටයුතු කිරීමට පටන් ගන්නා විට දෙමාපියන් විසින් අධීක්ෂණය සහ දරුවන් වෙනුවෙන් පැහැදිලි සීමාවන් ද ස්ථාපිත කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

අලුත් app එකක් download කරන සෑම විටම තම දරුවන් සමඟ සම්බන්ධ වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමින් දරුවන් සහ දෙමව්පියන් අතර අඛණ්ඩ සන්නිවේදනයේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.”ඔවුන් සමඟ කතා කිරීමට කාලය ගත කරන්න,” යැයි ඔහු දෙමව්පියන්ට උපදෙස් දුන්නේය.දෙමව්පියන් සහ දරුවන් අතර සන්නිවේදනය මගින්  අවදානම අවම කර ගැනීමට හැකි බව ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025