වචනෙ පැටලීම

තමානිස් සහ ජුවානිස් මඟුල් ගෙදරකින් හොඳටම බීවෝය.ජුවානිස්ගේ මෝටර් රථයට ගොඩවුණු තමානිස් එහි පිටුපස අසුනේ නිදා ගත්තේය.ජුවානිස් රථය පදවාගෙන යන අතරතුර පොලිස් කොස්තාපල් වරයෙකු  එය නතර කරන ලෙස අණ කළේය.

කොස්තාපල් – තමා හොඳටම බීල නේද

ජුවානිස් – (පිටුපස අසුන දෙස බලා)මේ සර් මොනවද අහනව උඹෙන්.

තමානිස් – මොනවද

ජුවානිස් – සර් අහනව උඹ බීලද කියල.

තමානිස් – ඔව් පොඩ්ඩක් බීල.

ජුවානිස් – සර් ඌ පොඩ්ඩක් බීලලු.

කොස්තාපල් – මාත් එක්ක සෙල්ලං කරනවද? තමා දන්නවද මත්පැන් පානය කර වාහනයක් පදවන එක නීති විරෝධී කියල.

ජුවානිස් – (පිටුපස අසුන දෙසට හැරී) සර් අහනව උඹෙන්, බීල වාහන එලවන එක වැරදි බව උඹ දන්නවද කියල.

තමානිස් – මොකද මං නොදන්නෙ? ඒකනෙ මං පස්සට ආවේ.

ජුවානිස් – ඌ දන්නවලු සර්. ඒකලු ඌ පස්සට ගියේ.

කොස්තාපල්- ඕයි! මං ඇහුවෙ තමුසෙගෙන්.

ජුවානිස් – මොකද්ද සර් ඇහුවෙ ?

කොස්තාපල් – තමා බීල නේද ඉන්නෙ කියල ඇහුවෙ.

ජුවානිස් – සර් ඌ කිව්වනේ ඌ බීල කියල. මේ තමානිස් උඹම කියපන් සර්ට.

තමානිස් – ඔව් මම බීල තමයි.මොකද ප්‍රශ්නේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025