ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වෙයි

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වෙයි

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගය ඊයේ (09) පැවැත්වුනු අතර එහිදී ද ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව කණ්ඩායමට පරාජයට පත්වීමට සිදුවිය.

 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් රැස් කරන ලද අතර එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකු ණු සංඛ්‍යාව ලෙසටය.

 

තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි. 

 

ඒ් අනුව ඉන්දියාවට ලකුණු 82ක විශිෂ්ඨ ජයක් හිමිවිය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025