ඊශ්‍රායල ප්‍රහාර මගින් වෛද්‍යවරුන් රැසක් ජීවිතක්ෂයට පත්වෙයි

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායල ප්‍රහාර මගින් වෛද්‍යවරුන් රැසක් ජීවිතක්ෂයට පත්වෙයි

ඊශ්‍රායලය විසින් ලෙබනනයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ නිවාසවලට මෙන්ම රෝහල්වලටද දැඩි අලාභානි මෙන්ම ජීවිත රැසක් ද මේ වන විට අහිමි වී තිබේ.ඒ අතර වෛද්‍යවරුන් රැසක් ද මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තවදුරටත් සටන් උග්‍ර අතට හරවමින් ඊශ්‍රායලය ගොඩබිමින්ද ප්‍රහාර එල්ල කරන අතර බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා විසින් ඊයේ(09) වැනිදා පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.මේ පිළිබදව අදහස් දැක්වූ නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු හා සැලසුම් සහගත ඝාතනයක් බවයි.

 

මේ අතර ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ද පහර දුන් අතර දකුණු වර්ඩනියා නගරයේ පුද්ගලයන් පස් දෙනෙකු හා ටයර් දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු පස් දෙනෙකු ඝාතනය කර ඇත.

 

ගාසා තීරයේ, 2023 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 42,010ක් මිය ගොස් 97,720ක් තුවාල ලබා සිටි බවත් හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 1139ක් බවට වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025