මේ වසරේ දී ශ්‍රී ලංකාවට පහළොස් ලක්ෂය ඉක්මවමින් සංචාරකයින් පැමිණෙයි.

  • Home
  • /
  • News
  • /
  • මේ වසරේ දී ශ්‍රී ලංකාවට පහළොස් ලක්ෂය ඉක්මවමින් සංචාරකයින් පැමිණෙයි.

2024 වසරේ දී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා මගින් හෙළි කර ඇත.

ඒ අනුව පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව වූ 1,487,303ක සීමාව පසු කරමින් 1,510,774ක සංචාරකයින් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වේ.එම නව වාර්තාවට අනුව 2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 06 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ  25,966 ක් ලෙසයි.

ඔක්තෝම්බර් මාසයේ පළමු දින 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 29.8%ක් එනම් 7,749ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025