මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරධූරය නැවතත් මහේල ජයවර්ධනට

  • Home
  • /
  • Sports
  • /
  • මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරධූරය නැවතත් මහේල ජයවර්ධනට

IPL තරගාවලියේ එළැඹෙන 2025 වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ශ්‍රී ලංකා  ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත්කිරීමට එම කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර ඇත.

මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නෙකු මෙන්ම පිතිකරුවෙකු වූ මාර්ක් බවුචර් කටයුතු කළේය.කෙසේ නමුත් වසර දෙකක ඔහුගේ ධුර කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීමට නොහැකි විය.විශේෂයෙන්ම මෙම වසරේ පැවති අදියරේදී මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් (10) ස්ථානයට පත්විය.

IPL තරග ඉතිහාසයේ සාර්ථක කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන් 5 වරක් ශූරතාව දිනාගැනීමට සමත් විය.ඉන් මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ 2017-2022 දක්වා කාලසීමාවේ අවස්ථා තුනකදීම ශූරතාව දිනාගැනීමට මුම්බායි කණ්ඩායමට හැකිවිය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025