පෙරදිග යුධ බිය ඇති කරමින් චීනය විසින් තායිවානයට අනතුරු අගවයි.

  • Home
  • /
  • News
  • /
  • පෙරදිග යුධ බිය ඇති කරමින් චීනය විසින් තායිවානයට අනතුරු අගවයි.

තායිවානය අසල මුහුදේ චීනය යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තායිවානය සිය හමුදා සීරුවෙන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.චීනය තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාස පවත්වමින් සිටින බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සතියේ තායිවාන ජනාධිපති විලියම් ලායි විසින් චීනයට විරුද්ධ අදහස් පළකිරීමට ප්‍රතිචාර ලෙස මෙය චීනය විසින් සිදු කෙරෙන බව සඳහන් වේ.තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය මෙය හෙළා දැක ඇති අතර තම ආරක්ෂක හමුදාවන්ද සීරුවෙන් තබා ඇති බව ප්‍රකාශ කර ඇත.

තායිවානය වැඩිදුරටත් කියා සිටියේ චීනය හමුදා අභ්‍යාස සිදු කළ ද ගුවන් හා වරාය මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.චීනයේ මෙම ක්‍රියාකලාපයට විරුද්ධව බොහෝ රාජ්‍යයන්වල නායකයින් තම අදහස් ප්‍රකාශ කර තිබුනි.

Don't forget to share this post!

Recent Posts

ChatGPT Image Jul 1, 2025, 10_48_49 AM
July 1, 2025