පිංබර වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

  • Home
  • /
  • Blog
  • /
  • පිංබර වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

ශාසනික සිදුවීම් රැසක් සිදු වී ඇති වප් පොහොය දිනය අදයි.වප් පොහොය දවසේ ඇති වැදගත්කම මෙසේයි.

01.මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් එලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදු කරන ලද්දේ පූජනීය පොහොය වප් පොහොය දිනයයි.

02.අගසව් දෙනම අතරින් දකුණත් සව් ලෙසින් වැඩසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්වූයේ උතුම් වප් පොහෝ දිනකයි.

03.කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත්වීම සිදු වූ උතුම් පෝ දිනය වප් පොහොය දිනයයි.

04.අනුලා දේවිය ඇතුළු කුල කතුන් පැවිදිබිමට ඇතුළත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිඳු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ වප් පෝය දිනකයි.

05.වස් පවාරණය සිදුවන්නේ ද වප් පුර පෝය දිනකයි.

06.ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව හා ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම සිදූ වූයේ ද අදවන් වප් පුන් පෝය දිනකය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025