ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරයි

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරයි

ඊශ්‍රායලය විසින් ප්‍රහාරවල වෙනසක් සිදු කරමින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ආර්ථික වටිනාකමින් යුතු ස්ථානවලට පහර දෙන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.

 

ඊශ්‍රායලය විසින් Beirut සහ දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන බැංකුවක ශාඛා ඇතුළු තවත් ගොඩනැගිලි රැසකට මේ වන විට ද ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

 

ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කල බැංකුවට ලෙබනනය පුරා ශාඛා 30 කට වඩා ඇති අතර, Beirutහි ජනාකීර්ණ ප්‍රදේශවල ශාඛා 15 ක් පිහිටා තිබේ.එමෙන්ම හිස්බුල්ලා සංවිධානය පාලනය කරන ප්‍රදේශයක් වන දකුණු Beirutහි Dahiyeh දිස්ත්‍රික්කයේ මෙන්ම බෙකා නිම්නය ආශ්‍රිත ප්‍රදේශ වල ද පිපිරීම් සිදුව තිබේ.

 

ඊශ්‍රායලය විසින් එල්ල කල එම ප්‍රහාරවලින් ජීවිත හානි කෙතරම් ප්‍රමාණයක් සිදුවී ඇත්ද යන්න තවමත් වාර්තා නොවේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025