අල්ලස් ගත් පේරු රටේ හිටපු ජනපතිට වසර 20ක සිර දඩුවම්

  • Home
  • /
  • News
  • /
  • අල්ලස් ගත් පේරු රටේ හිටපු ජනපතිට වසර 20ක සිර දඩුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alejandro Toledo හට වසර 20 ක සිර දඬුවමක් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඔහු අල්ලස් ලබාගැනීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බව සඳහන් වේ.පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්,ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබාගැනීම ඔහුට එල්ල වූ අල්ලස් චෝදනාව බව සඳහන් වේ.

 

අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු 2019 වසරේදී අත්අඩංගුවට ගෙන ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025