2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියේ දී ශ්‍රී ලංකාව රනින් සැරසූ ශූරයෝ

  • Home
  • /
  • Sports
  • /
  • 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියේ දී ශ්‍රී ලංකාව රනින් සැරසූ ශූරයෝ

මැලේසියාවේ පැවති M.A.M.Malaysia Festival of Speed – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා එහි ධාවන තරග ඉසව් දෙකක අවසන් මහා තරගවලදී රන් පදක්කම් 02ක් දිනාගැනීමට සමත් විය. 

 

මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර පැවති අතර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 20 දින පැවැත්විය.

 

එහිදී වයස අවුරුදු 15න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර වයස අවුරුදු 13 න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

ජයග්‍රාහී සිසුන් දෙදෙනා ඊයේ (22) පස්වරුවේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා මෙම සිසුන් ඉගෙනුම ලබන ජාත්‍යන්තර පාසැලේ ගුරුභවතුන් , සිසුන් , දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025