විස්සයි 20 වාර්තා අලුත් කළ සිම්බාබ්වේ කණ්ඩායම

  • Home
  • /
  • Sports
  • /
  • විස්සයි 20 වාර්තා අලුත් කළ සිම්බාබ්වේ කණ්ඩායම

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (23) සමත් විය.

 

සිම්බාබ්වේ කණ්ඩායම විසින් ගැම්බියා කණ්ඩායමට එරෙහිව සිය පන්දු ඕවර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 344ක් රැස්කර ගනිමින් මෙම වාර්තාව පිහිටුවීය.

 

සිම්බාබ්වේ වෙනුවෙන් සිකන්දර් රාසා පන්දු 33කදී ශතකයක් වාර්තා කළ අතර ඔහු නොදැවී ලකුණු 133ක් රැස්කරන ලදී.එම ලකුණු අතරට 6 පහර 15ක් ද ඇතුළත් විය.

 

කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් 6 පහර 12ක් එල්ලකළ අතර ඒ අනුව කණ්ඩායම ඔවුන්ගේ ඉනිමට 6 පහර 27ක් ඇතුළත් වූ අතර එයද ලෝක වාර්තාවක් ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

 

සිම්බාබ්වේ කණ්ඩායම විසින් බිඳ දැමුවේ නේපාල කණ්ඩායම විසින් ලකුණු 314ක් ලබාගෙන රැස්කර තබා තිබූ වාර්තාවකි.නේපාල ඉනිමට 6 පහර 26ක් ඇතුළත් විය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025