ඉන්දීය සුපිරි නළු තලපති විජේ මංගල දේශපාලන රැළිය අමතයි.

  • Home
  • /
  • Gossips
  • /
  • ඉන්දීය සුපිරි නළු තලපති විජේ මංගල දේශපාලන රැළිය අමතයි.

තමිලාග වෙට්‍රි කසාගම් යන පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සුපිරි නළු තලපති විජේ 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට එක්වේ.

ඒ වෙනුවෙන් පැවති රැලිය තමිල්නාඩුවේ වික්රවන්දි හිදී පැවැත්වූ අතර මෙය ඔහුගේ මංගල රැළිය ද වේ.මෙම මංගල දේශපාලන රැළිය සඳහා අති විශාල පිරිසක් එක්රැස් වී සිටියහ.

තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ පක්ෂය විවේචනයට ලක් කරමින් විජේ එහිදී තවදුරටත් චෝදනා කළේ එක් පවුලක් ද්‍රවිඩ ජනතාවගේ මතවාදයන් ඔස්සේ ප්‍රාන්තය කොල්ලකෑමට උත්සහ දරණ බවයි.2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී තම පක්ෂය වන TVK පක්ෂය තනි විශාලතම පක්ෂය බවට පත් කිරීම ඔහුගේ සැලසුම බව ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම හිංසනයන්ට ලක්ව සියදිවි නසාගැනීම් කළ කාන්තාවන්ව විජය සිහිපත් කළ අතර, ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද ඔහු විශ්වාස කරන බව පැවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025