ෂකීබ්ගේ පන්දු යැවීමේ තහනම දීර්ඝ වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ෂකීබ්ගේ පන්දු යැවීමේ තහනම දීර්ඝ වෙයි.

බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන් තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී ඇති බවට වාර්තා වේ.මේ අනුව ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාව වන්නේ පන්දු යැවීමේ දී පන්දුව දමාගසන බවයි.ඒ අනුව ෂකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේට කැදවා තිබුණි. එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය.ඒ අනුව ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය.මේ හේතුවෙන් ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී ඇත.කෙසේ නමුත් එම පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වනබව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තහවුරු කරන ලදී.ඒ අනුව ෂකීබ්ට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් නැවත කිසිදු අවස්ථාවක පන්දු යැවීමට නොහැකි වේ.එහෙත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025