77 වන නිදහස් දිනයේ වෙන්න යන අලුත්ම වෙනස

  • Home
  • /
  • News
  • /
  • 77 වන නිදහස් දිනයේ වෙන්න යන අලුත්ම වෙනස

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේ, නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවය.ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025