අති ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් ඉරානයෙන්

  • Home
  • /
  • News
  • /
  • අති ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් ඉරානයෙන්

අති ප්‍රබල  බැලැස්ටික් මිසයිලයක් ඉරානය විසින් නිපදවා ඇතැයි වාර්තා වේ. මේ මිසයිලය කිලෝමීටර්  1,700ක දුර ගමන් කළ හැකි ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් බව සඳහන් ය.  මෙම නව මිසයිල නිරාවරණය කිරීම ටෙහෙරාන් නුවර පසුගියදා  ජනාධීපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබේ. ආරක්ෂක හැකියාවන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ සංවර්ධනය භාවිත කරමින් නිරාවරණය කළ මීටර් 16ක් දිගින් යුතු නව මිසයිලය කිසිදු රටක් ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බවට සහතික කර ඇතැයි නව බැලැස්ටික් මිසයිලය නිමිත්තෙන් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිෂ්පාදිත මෙම  මිසයිලය ඊශ්‍රායලයට පවා සෘජුව ප්‍රහාර එල්ල කිරීමට තරම් බලවත් බව විදෙස් මාධ්‍ය  වැඩිදුරටත් සඳහන් කරයි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025