ගාසා තීරය ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

  • Home
  • /
  • News
  • /
  • ගාසා තීරය ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව අසල්වාසී රටවලට සංක්‍රමණ වීමෙන් පසු එම කලාපය ඇමරිකාවට පවරාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගාසා තීරය සංවර්ධනය කර එහි සියලු ලෝකවාසින්ට පදිංචි විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ජනාධීපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හමාස් සංවිධානය කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරිමට ගාසා තීරයේ පලස්තීන ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ප්‍රකාශ කර තිබේ. එමෙන්ම එම සැලසුම මැදපෙරදිග කලාපයේ ව්‍යාකූලත්වය සහ ආතතිය ඉහළ දමනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල අගමැතිවරයාගේ අමෙරිකානු සංචාරය හෙළා දකිමින් විරෝධතාකරුවන් වොෂින්ටන් නුවරට රැස්වූ බවත්, යුද අපරාධකරුවකුට අමෙරිකාවට ඇරයුම් කිරීම පිළිබඳ ජනාධීපති ට්‍රම්ප් දැඩි විවේචනයට ලක් කළ බවත් වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025