ලොව පුරා ගෙවුණු පැය 24 තුළ ගුවන් අනතුරු තුනක්

  • Home
  • /
  • News
  • /
  • ලොව පුරා ගෙවුණු පැය 24 තුළ ගුවන් අනතුරු තුනක්

ගෙවුණු පැය 24 තුළ ලොව පුරා ගුවන් අනතුරු තුනක් වාර්තා වී තිබේ.  ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දහවල් දකුණු පිලිපීනයේදී අමෙරිකානු හමුදාවට අයත් සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම එදින පස්වරුවේ අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේදී මගීන් 10 දෙනකු සමඟ අතුරුදන්වූ ගුවන් යානයක සුන්බුන් දින දෙකකට පසු එම ප්‍රාන්තයේ නෝම් නුවර ආසන්නයේ පිහිටි හිම කඳු සහිත ප්‍රදේශයකින් හමුවී  ඇති බව වාර්තා  වේ. එමෙන්ම, ඊට පැය කිහිපයකට පසු සිකුරාදා අලුයම බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවරදී කුඩා ගුවන්යානයක් බස් රථයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දකුණු පිලිපීනයේදී කඩා වැටුණු බීච්ක්‍රාෆ්ට් කිං 300 දරන අමෙරිකානු හමුදාවට අයත් සැහැල්ලු ගුවන්යානය කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති  අතර, පිලිපීනය සහ අමෙරිකාව මේ පිළිබඳ  විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. පසුගිය සිකුරාදා අලුයම බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවර වීදියකදී බස් රථයක් මතට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගුවන් යානය බස් රථය මතට කඩා වැටීමත් සමඟ විශාල ගින්නක් පැතිරී ගොස් ඇති අතර, සාඕ පාඔලෝ නුවර ගිනි නිවන ඒකකය දැඩි උත්සාහයකින් පසු තත්ත්වය පාලනය කළ බව එරට මාධ්‍ය  වාර්තා කර තිබේ. මේ වසරේ ගත වූ සති කිහිපය ඇතුළත අමෙරිකාවේ ගුවන් යානා අනතුරු 3ක් සිදුවී ඇති අතර, එහිදි මිය ගිය ගණන 84ක් වන බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025